ජල මට්ටම සියයට 25ක් පහළ බසි විදුළි කප්පාදුවක් සිදුවෙයිද?


මධ්‍යම කදුකරයට මාසයකට ආසන්න කාලයක් තිසසේ පවතින වියලි කාලගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකේ ජල මට්ටම 25% දක්වා පහත බැස තිබේ.

ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන ජලවිදුලිබලසංකිර්ණය යටතේ ඇති මාවුස්සාකැලේ හාකාසල්රි යන ජලාශ දෙකේ ජල මට්ටම අද (14) උදෑසන 06.00 වන විට පිටාර ම්ටමේ සිට පිළිවෙලින් අඩි 24 ක් සහ 22 ක් වශයෙන් පැවති බවට එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසුුහ.\ 

ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක



Recommended Articles