නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ජර්මන් නාවික හමුදාවට අයත් ‘BAYERN’ නෞකාව සහ ත්‍රිකුණාමලය වරායට සේන්දූ වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් ‘URAGA’ හා ‘HIRADO’ යන නෞකා සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව බටහිර සහ නැගෙනහිර මුහුදේ පැවති නාවික අභ්‍යාසයන් සාර්ථකව නිම කිරිමෙන් පසු මෙම නෞකා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගියේය.
ජර්මානු නාවික හමුදාවට අයත් යුද නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සමග බටහිර මුහුදු කලාපයේදීත්, ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකා ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව සමග නැගෙනහිර මුහුදු කලාපයේදීත් ඒකාබද්ධ නාවික අභ්‍යාසයන් සිදුකෙරිණි.