ජයන්ත ධර්මපාල මහතා සමුගනියි


මෙරට සිටි කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ ජයන්ත ධනපාල මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කර සිටියේ ඒ මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) පෙරවරුවේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බවයි .

මිය යන විට අසූ 85 වැනි වියේ පසු වූ ජයන්ත ධනපාල මහතා 1998 - 2003 අතර කාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරායුධ කරණ පිළිබඳ කාර්යාලයේ උප ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළේය .

ධනපාල මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු ලෙස ඇමරිකාව, බ්‍රිතාන්‍ය, චීනය සහ ඉන්දියාව යන රටවල කටයුතු කර ඇති අතර ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කොට තිබේ .



Recommended Articles