ජපානයේ හා ලන්ඩන් සිට ලාංකිකයන් 7ක්


ජපානයේ හා ලන්ඩන් සිට මගීන් 7 දෙනෙකු අද දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවැසීය.

මේ අතරින් මගින් 3ක් ජපානයේ සිට පැමිණි බවත් ලන්ඩන් සිට මගීන් 4ක් පැමිණීමට නියමිත බවත් ඔහු පැවැසීය.

එසේම මෙල්බර්න් සිට මගීන් 98ක්ද අද දිනයේදී ලංකාවට පැමිණියේය. මේ අනුව අද දිනයේදී ශ්‍රී ලංකාවට  පැමිණෙන ලාංකිකයන් ගණන 105කි.

මෙම සියලුම පුද්ගලයන් ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධානය මධ්‍යස්ථාන තුළ නිරෝධානය කිරිමට නියමිතය.

 



Recommended Articles