ජපානයෙන් යෙන් මිලියන 1400ක ප්‍රදානයක්


ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ  ජපන් යෙන් මිලියන 1400ක් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදීමට එකඟ වී තිබේ. මෙම මුදල ලබාගැනීමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

මෙහි රුපියල් වටිනාකම රුපියල් බිලියන 3.3ක් පමණ වෙයි. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වෙනුවෙන් විපතට පත් ප්‍රජාවට තාක්ෂණික හා මානුෂීය මෙහෙයුම් වෙනුවෙන් මෙම මුදල් යොදවා ගැනීමට නියමිතය.



Recommended Articles