ජපානය වෙත ශ්‍රී ලන්කන් සීමිත මෙහෙයුම් ගුවන් ගමනක්


ශ්‍රී ලන්කන් ගුවන් සේවය , තම සීමිත ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ , අද (14)  දින රාත්‍රී , ශ්‍රී ලන්කන් ගුවන් යානයක් , ගුවන් මගීන් 157 ක් රැගෙන ජපානය වෙත  සිය දෙවන ගුවන් ගමන් මෙහෙයුම ආරම්භ කරමින් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වී ගියේය .

අද  දින රාත්‍රී 7.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 454 දරන ගුවන් යානය එසේ කටුනායක ගුවන් තොටුපළෙන් , ජපානයේ නරීටා ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය .

මෙම ගුවන් යානය තුළ අද  දින දහවල් මාලේ ගුවන් තොටුපළේ සිට , කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ ජපන් ජාතික ගුවන් මගීන් 16 දෙනා ද විය .

මෙම ගුවන් මගීන්ට අමතරව , කටුනායක ගුවන් තොටුපළෙන් ජපානය වෙත පිවිසිය හැකි සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික සහ විදේශීකයන් 141 දෙනෙකු ද මෙම ගුවන් ගමන සදහා එක් වී සිටියහ .

ඔවුන් ව්‍යාපාරික පංතියේ ආසන වල 10 දෙනෙකු ද , පිරිමැසුම්දායක පංතියේ 147 ක්ද වශයෙන් අසුන් ගෙන සිටියහ .

 



Recommended Articles