ජපාන සංග්‍රාමික ගුවන් භට පිරිසක් මත්තලට


මෙරට ත්‍රිවිධ හමුදාවේ තෝරාගත් සෙබළුන් කණ්ඩායමක් සඳහා යුද සබ්මැරීන් සහ ගුවන් යානා සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබාදීමට ජපානයේ ලෝක්හිඩ් පි -3 ඔරායන් ගුවන් යානාවෙන් ජපානයේ සබ්මැරීන සංග්‍රාමික ගුවන් භට පිරිසක් මත්තලට පැමිණ තිබේ.

පෙරේදා (04දා) සවස ජපන් ජාතික මෙම භට පිරිස මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර, ඊයේ (05දා)  දවස පුරා මත්තල ගුවන් තොටුපොළේදී මෙරට ගුවන්, නාවික ,යුද යන ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්හට මෙම පුහුණුව ලබාදී ඔවුන් අද (06දා) දහවල් මත්තල ගුවන් තොටුපොළින් පිටව ගොස් තිබේ.

රාහුල් සමන්ත



Recommended Articles