ජපාන විදේශ අමාත්‍යවරිය එක්දින සංචාරයකට ලංකාවට එයි


ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය එක් දින නිල සංචාරයක් සදහා 05/04 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

ඇය ජපානයට අයත් වී.ජේ.ටී.- 369 ජී දරන  විස්ටා ජෙට් විශේෂ ගුවන් යානයෙන් 05/04 දින උදෑසන 10.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය.

ඇය සමග 20 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද එම ගුවන් යානයෙන් පැමිණ තිබුණි .

දූත පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිෂුකොෂි ( Hideaki Mizukoshi ) , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .



Recommended Articles