ජපාන රජය විසින් ශ්‍රී ලංකාව​ට පැනවූ සංචාරක තහනම ඉවත් කෙ​රේ


කොවිඩ් අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා පැනවූ සංචාරක තහනම ඉවත් කිරීමට ජපාන රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා පැනවූ තහනම හෙට (20) දිනයේ සිට ඉවත් කරන බව ජපාන රජය නිවේදනය කර තිබේ.



Recommended Articles