ජපන් විදෙස් ඇමති සමග 20ක් එති


 ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාෂා මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (28දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ඔහු සමග 20 දෙනෙකුගෙන් යුතු  දූත් පිරිසක් ද පැමිණ සිටියහ. ඔවුන් 07/28 දින රාත්‍රී 10.30 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා රටවල් 06 ක නිල සංචාරයකින් අනතුරුව මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර , මෙම පිරිස ශ්‍රී ලංකාවේ සංචාරය නිමා කර 07/29 දින රාත්‍රී ආපසු පිටත්ව යාමට නියමිතය .



Recommended Articles