ජනාධිපතිවරයා අත්තනෝමතික තීරණයක් අරගෙන


"ජනාධිපතිවරයා කියනවා අධිකරණ විෂයපථය පිළිබඳව ජ්‍යේෂ්ඨයන්ගෙන් සහ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගත්තා කියලා.
​දැන් අපි දැනගන්න කැමතියි මේ ජනාධිපතිතුමාට උපදෙස් දෙන ජ්‍යේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද" යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා 

දැන් ජනාධිපතිවරයා පැහැදිලිවම මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි බලපාන කාරණයක් සම්බන්ධයෙන් අත්තනෝමතික තීරණයක් ගන්නවා. දැන් ජනාධිපතිවරයා කියනවා විෂයපථය පිළිබඳව ජ්‍යේෂ්ඨයන්ගෙන් සහ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගත්තා කියලා.
​දැන් අපි දැනගන්න කැමතියි මේ ජනාධිපතිතුමාට උපදෙස් දෙන ජ්‍යේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද?

දැන් රටේ නීතිඥ සංගමය ඒකට විරුද්ධයි නම්, ගරු විනිශ්චයකාරවරුන්ගේ විරෝධයක් තියෙනවා නම්, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය, UN එක මේ පිළිබඳව තමන්ගේ මතය විරුද්ධව ප්‍රකාශ කරලා තියෙනවා නම්, එහෙමත් නැත්නම් මේ පිළිබඳව පැහැදිලි දැක්මක් නැති බව අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන්න හැකියි කියන ආකාරයෙන්, හැකියි කියන කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැනුවත් කරලා තියෙනවා නම්, ඉතින් මේ ජනාධිපතිවරයා ගන්න අවදානම පිළිබඳව නම් මට හිතාගන්න බෑ.

​හැබැයි ඉතින් අවදානම කෙසේ වෙතත් ජනාධිපතිතුමා කාගේ හරි අවධානය යොමු කරගන්න දඟලන බවක් නම් පේනවා. හැබැයි මේ ජනාධිපතිතුමා මේ වැඩේ කරලා කාගේ අවධානයද යොමු කරගන්නේ කියන කාරණය පිළිබඳව අපි විමසිල්ලෙන් බලන් ඉන්නවා. මොකද අවදානමක් නම් පේන්න නෑ, හැබැයි අවධානයක් ගන්න නම් ජනාධිපතිවරයා ලෑස්ති වෙන බව පේනවා"

 

 



Recommended Articles