ජනාධිපති ඇමෙරිකාවේ සිට ආපසු පැමිණෙයි


එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර වෙත ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආර්යාව , එම සංචාරය නිමා කර 10/04 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ .
 
ඔවුන් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර සිට  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පැමිණ , එතැන්  සිට , එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් 10/04 දින උදෑසන 08.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .


Recommended Articles