ජනශක්ති සභාපතිගේ ඝාතකයන් සොයා පැති කිහිපයක් ඔස්සේ විමර්ශන


ජනශක්ති   සමූහයේ   සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්ඩංගුවට ගැනීම සඳහා  අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

සිදුවීමට අදාල ස්ථානය සහ  මෝටර් රථය  පොලිස් නිළ සුනඛයන් යොදා පරීක්ෂාවට ලක් කළ  බවත්,  අදාල  ස්ථානය හා අවට ප්‍රදේශයේ සී.සී.ටීවී දර්ශන පරීක්ෂා කරමින් සහ දුරකතන තොරතුරු ඔස්සේ ද විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සංවිධානාත්මක අපරාධ සහ මිනිමැරුම් විමර්ශන කොට්ඨාසය,  බොරැල්ල පොලිසිය  එක්ව විමර්ශන කටයුතු සිදු කෙරේ.   

 



Recommended Articles