ජනවාරි මාසයෙන් පසුව ASPI ඒකක 6000 ඉක්මවයි


කොළඹ කොටස් වෙළඳ පොළ තුළ පවතින ධනාත්මක වර්ධනය අනුව මේ වසරේ ජනවාරි මාසයෙන් පසුව ප්‍රථම වරට අද දිනයේදී කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6000 ඉක්වමීය.

ඒ අනුව එම මිල දර්ශකය ඒකක 6028ක් වාර්තා කරමින් සියයට 2.89ක වර්ධනයක් පෙන්වීය.

එසේම S & P SL20 දර්ශකයද ඒකක 2495ක් වාර්තා කරමින් සියයට 0.55ක වර්ධනයක් වාර්තා කළේය. අද දිනය අවසානයේ කොටස් වෙළඳපොලේ පිරිවැටුම 1,895,305,112.40 ලෙස දැක්විණ.



Recommended Articles