ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් ඇඟුරු රැගත් නෞකා තුනක් ලබන වසරේ ජනවාරි මස 13 දා වන විට දිවයිනට පැමිණීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ලක්විජය බලාගාරයේ දැනට පවතින පද්ධති දෙක ජනවාරි 8 දා තෙක් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් ගල් අගුරු තිබෙනවා. ජනවාරි මාසයේදී පළමු නෞකාව 5 දා ලැබෙන්න නියමිතයි. 4 වැනිදා ලබා ගන්න උපරිම උත්සාහයක් ගන්නවා.
මේ නැව දෙසැම්බර 26 දා 27 දා භාර ගන්න තිබුණේ. මේ නැවේ මෙට්‍රික් ටොන් 60000ක් ඒනවා. ඒදාම ගල් අඟුරු ලබා ගන්නවා. ජනවාරි 9 දා දෙවැනි නෞකාවත් එනවා. ඊළග නෞකාව ජනවාරි 13 ඒනවා. ජනවාරි මාසයේදී ගල් අඟුරු නෞකා 7ක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ගල් අඟුරු වෙනුවෙන් සියයට 30ක ගෙවීම් මේ වන විට ගෙවා තිබෙනවා.”