ජනරජ පෙරහර නිසා මහනුවරට විශේෂ රථවාහන සැලැස්මක්


75 වැනි නිදහස් උත්සවයට සමගාමීව පවත්වනු ලබන මහනුවර ජනරජ පෙරහර හෙට පස්වරු 6 සිට වීදි සංචාරය කිරිමට නියමිතව තිබේත. මෙම පෙරහර මහනුවර දළදා මාළිගාව අසලින් ආරම්භ වී දළදා වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ පැමිණ ගෙවැදීමට නියමිතව තිබේ. මේ අනුවර පෙරහර පවත්වන  හෙට දිනයේ පස්වරු 5 සිට පෙරහර අවසන් වන තෙක් මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාවට නංවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.



Recommended Articles