ඒකාබද්ධ විපක්‍ෂය විසින්ලබන 05 වැනිදා කොළඹදී පවත්වනු ලබන ජනබලසේනා විරෝධතාව සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වනබව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
එම මන්ත්‍රීවරුන්ගෙන් කිසිවෙකු විරෝධතාවට සහභාගි නොවන බවට දන්වා නොමැති බවත්,ඒ අනුව විරෝධතාව සාර්ථක වනු ඇති බවත්හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා එම විරෝධතාවට සහභාගි නොවන බවත්,ඒ මහතා මේ වනවිට විදේශගතව සිටිමින් විරෝධතාවේ සංවිධාන කටයුතුවල නිතර වන බවත් මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.
වසර දෙකකට වැඩි කාලයක් බිරිඳ සහ දරුවන් හමුනොවුණු බැවින් බැසිල් රාජපක්‍ෂ මහතා විදේශගතව නිවාඩුවක් ගතකරන බවද හෙතෙම පවසා සිටියේය.