ජනපතිවරයාගේ ඉල්ලා අස්විමේ ලිපිය තවමත් නෑ


ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට අදාළ ලිපිය තවමත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමුකර නොමැති බව වාර්තා වෙයි.

ජනපතිවරයා සිය ගමනාන්තය වෙත තවමත් ළඟාවී නොමැතිවීම මේ සඳහා හේතුව විය හැකි බවද වාර්තා වෙයි. ජනපතිවරයා කථානායකවරයාට දැනුම් දී තිබුණේ ඊයේ මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ඉල්ලා අස්විමේ ලිපිය යොමුකරන බවටයි.

 



Recommended Articles