ජනපතිට අයිති අලියා පන්සලකට දුන්නා


ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිකාරිත්වය පැවැති අලියා ඔහුගේ දැනුම්දීමක් අනුව පන්සලකට ලබාදුන් බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි. දෙහිඅත්තකණ්ඩියේ ඊයේ පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“පසුගිය දවස් ටිකේම ජනපතිතුමාට අලියෙක් දුන්නෝ අලියෙක් දුන්නෝ කියලා කෑ ගැහුවා. ඔව් එතුමට 2015 දුන්න අලියෙක් හිටියා පින්නවල උද්‍යානයේ. ඒ අලියට උසාවි නියෝගයක් තිබුණා.

එතුමා අපිට දැන්නුවා අලිය එතුමට එපා පන්සලකට දෙන්න කියලා.අලිය පන්සලට දුන්නා. මාධ්‍ය කියන්නේ ගෝඨාභය රජපක්ෂ අලියෙක් ගත්තා කියලා. එතුමා ගත්ත අලියෙක් නෑ.”



Recommended Articles