හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් පනත යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි වරදවල් සිදුකර තිබෙන බවත්, ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අවධානය යොමුවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
නීතිය නිවැරදි ලෙස ක්‍රියාත්මක කළහොත් මෙරටේ වැරදි කළ සියලුමදෙනාට දඬුවම් ලබාදීමට හැකිවන බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
ප්‍රතිපත්තිමය කාරණා මත රට ගෙන යන වැඩපිළිවෙළට බාධා කිරීමට පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් බාධා කළහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එය වැළැක්වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ඒ සඳහා පුළුල් ජාතික පෙරමුණක් ගොඩනගන බවද පවසා සිටියේය.

