ජනපතිගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක්


සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී  හෙට (26දා)  පස්වරුවේ පැවැත්වීමට නියමිතය. 

ජාතික සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම වෙනුවෙන් එය කැඳවා තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නායකයන්හට මේ සඳහා ආරාධනා කළ බව ජනාධිපති ලේකම් කාර්‍යාලය පවසයි.



Recommended Articles