ජනපතිගේ ජර්මානු සංචාරය නිමයි


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සිව් දින ජර්මන් නිල සංචාරය නිමා කර 06/15 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

ඔහු සමග මෙම සංචාරය සදහා එක් වී සිටි විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඔවුන් 06/15 දින උදෑසන 08.58 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .



Recommended Articles