ජනපතිගේ කථාව අවසන් - පාර්ලිමේන්තුව අසළ උණුසුම්


13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව භික්ෂූන් වහන්සේලා පිරිසක් හා සිවල් සංවිධාන අද පෙරවරුවේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවක් දැක්වීය.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් ජනපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් සිටින විට ‌මෙම විරෝධතාව දැක්වීය. මෙම විරෝධතාව පාලනය කිරීමට පොලීසියේ විශාල පිරිසක්ද පාර්ලිමේන්තුව අසළට කැඳවා තිබුණි.

ඒසේම මෙම විරෝධතාවට ඒක්වූ භික්ෂූන් වහන්සේ නමක්ද අත්අඩංගුවට ගැණින. 



Recommended Articles