ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අනුව මෙරට ගොවි පවුල් මිලියන 1.2ක් සඳහා රුපියල් බිලියන 8ක මුදලක් පරිත්‍යාග කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළ බව ජනපති මාධ්‍ය අංශය කියයි.
මෙම මුදල් යොදා ගනිමින් හෙක්ටයාරයකට අඩු ප්‍රමාණයක් වගා කරන ගොවීන් වෙනුවෙන් රුපියල් 10000ක් හා හෙක්ටයාරයකට වැඩි ප්‍රමාණයක් වගා කරන ගොවීන් වෙනුවෙන් රුපියල් 20000ක් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
මෙම මුදල් ලබන සතියේ සිට ගොවීන්ගේ ගිණුම් වලට බැර කිරිමට නියමිතව තිබේ.