ජනපති හා රුසියානු ජනපති අතර දුරකථන සංවාදයක්


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වී තිබේ.

එහිදී ආර්ථික අභියෝග ජයගැනීම සඳහා ඉන්ධන ණය ආධාරයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති  අතර එරෝෆ්ලොට් ගුවන් මෙහෙයුම් නැවත ආරම්භ කරන ලෙස ද ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අතීතයේ ශ්‍රී ලංකාව මුහුණදුන් අභියෝග ජයගැනීම සඳහා රුසියාව ලබාදුන් සියලු සහයෝගයට ස්තූති කිරීමටද ජනාධිපතිවරයා එහිදී කටයුතු කර ඇත.



Recommended Articles