ජනපති හා ගෝඨාභය ඝාතනය කිරීමේ තැත ගැන පරීක්ෂණ CID යටතට


තමා මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ තැත සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද පෙරවරුවේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එසේම මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එහි වාර්තා ලැබුණ පසු එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.



Recommended Articles