ජනපති සිංගප්පූරු සංචාරය අරඹයි


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා 08/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

ඔහු සමග 10 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද එක් වී සිටියහ. වුන් අතර ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක , දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයර්ධන සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ද එක් වී සිටියහ .

මෙම පිරිස 08/21 දින අලුයම 12.50 ට සිංගප්පූරුවේ චෙන්ඩු ගුවන් තොටුපොළ බලා සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.



Recommended Articles