ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක්


ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක්  අවශ්‍ය බව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ නියෝජිතයින් පවසති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ  පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. 

ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රයිසර්, ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සින් චෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ආචාර්ය උර්ජිත් පටෙල් යන මහත්වරුන් සමග පැවති මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.



Recommended Articles