ජනපති ලේකම් කාර්යාල වාහන වලට දුන් අලුත්ම නියෝගය


ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට සහ රියදුරන්ට තම වාහනවල ජනාධිපති ලේකම් කාර්යාලයේ නාමපුවරුව ප්‍රදර්ශනය නොකරන ලෙසට දැනුම්දී තිබේ.

මේ වනවිටත් ඊට අදාළ දැනුම්දීම සිදුකර ඇති බව වැඩබලන ජනාධිපති ලේකම්වරිය පැවසීය.

එවැනි නාමපුවරු ප්‍රදර්ශනය කරන ඕනෑම වාහනයක් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ නොවන බවත්, ඒවා මහජනතාව රැවටීමට උත්සාහ කරන ව්‍යාජ උත්සාහයන් බවත් වැඩබලන ජනාධිපති ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.



Recommended Articles