ජනපති යුරෝපා සංචාරය අරඹයි


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා අද (17දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු සනාථ කළේය .

ජනාධිපතිවරයා සමග දූත පිරිස ලෙස තවත් පිරිසක් ද පිටත්ව ගොස් තිබූ අතර , සාගල රත්නායක මහතා ද ඒ අතර සිටි බව හෙතෙම සඳහන් කළේය .

මෙම පිරිස 06/17 දින අලුයම 03.30 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් පළමුව ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි .

එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් එංගලන්තය බලා පිටත්ව යන බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .



Recommended Articles