ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ලෙස තම අවසන් කැබිනට් රැස්වීමට අද (11දා) ජනපති ලේකම් කාර්යාලයේදී සහභාගි විය.
අඟහරුවාදා දිනයේදී සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම පැවැත්වුවත් හෙට දිනයේදී පොහොය නිවාඩුව හේතුවෙන් කැබිනට් රැස්වීම අද දිනයේදී පවත්වා තිබේ.
මේ පිළිබඳව තම ට්විටර් ගිණුමෙන් අදහස් ප්‍රකාශ කරන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ කෙතරම් වෙනස්කම් තිබුණත් 2015 වසරේදී එවකට අපේක්ෂකයෙක් ලෙස තමා එක් වතාවක් පමණක් ජනපති ලෙස කටයුතු කරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ වචනය තුළ කටයුතු කිරීම පිළිබඳව ඔහුට ස්තූතිය ප්‍රකාශ කරන බවයි.
2018 වසරේදී ජනපතිට විරුද්ධ වුවත් එම පාලන කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය බොහේ පැතිවලින් නැවත ස්ථාපිත කළ බවද හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
President for the last time sat at the cabinet. We may have had lots of differences but as People who elected you in 2015 we thank you for standing by your word on serving only 1 term. Democracy was restored in many ways even against you in 2018. pic.twitter.com/nrJccLlxAM
— Harin Fernando (@fernandoharin) November 11, 2019