ජනපති මාලදිවයින් සංචාරය අරඹයි


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුන් දින නිල සංචාරයක් සදහා 07/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින මාළේ නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

ජනාධිපතිතුමා සමග විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද තවත් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීප දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ද දූත පිරිස ලෙස එක් වී සිටියහ.

ඔවුන් 07/28 දින උදෑසන 07.30 ට මාළදිවයින මාළේ නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ. මෙම පිරිස 07/30 දින මෙම සංචාරය නිමා කර ආපසු පැමිණීමට නියමිතය. 



Recommended Articles