ජනපති මන්දිරයේ සිටි තරුණයෙක් ගංජා සමග අත්අඩංගුවට


කොළඹ ජනපති මන්දිරය තුළදී ගංජා සහිත කුඩා පර්සලයක් සමග අවුරුදු 24ක මීරිගම පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

ජනපති මන්දිරයේ පිහිනුම් තටාකය අසළ සැක සහිත ලෙස හැසිරුණ පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදි ඔහු සන්තකයේ තිබී මෙම ගංජා සහිත පාර්සලය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.  

 



Recommended Articles