ජනපති දිවයිනට එද්දී කටුනායකට දැඩි ආරක්ෂාවක්


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය යුරෝපා සංචාරය නිමා කර අද (26දා) උදෑසන යළි කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

ඔහු සමග දූත පිරිසක් ද එක් වී සිටි අතර ඔවුන් පළමුවෙන් එංගලන්තයේ දින 02 ක සංචාරයක නිරත වීමෙන් පසුව ප්‍රංශය වෙත ගොස් තිබුණි.

එසේම මෙම සංචාරය සදහා සහභාගී වී සිටි දූත පිරිසෙන් කොටසක් 06/25 දින ද කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය. 

ඒ අනුව ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිසේ ඉතිරි කොටස 06/26 දින උදෑසන 09.10 ට ඩුබායි සිට , එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

 ජනාධිපතිතුමාගේ පැමිණීම වෙනුවෙන් 06/26 දින අලුයම 05.30 සිට කටුනායක ගුවන් තොටුපොළ තුළ , ඒ අවට ප්‍රදේශයේ සහ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය අවට ප්‍රදේශයේ ද දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර , ඒ සදහා පොලිස් නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් ද යොදවා තිබුණි .



Recommended Articles