ජනපති තවත් නිල විදේශ සංචාරයකට


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා හෙට (13දා) ටජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.

චිනයේ ෂැන්හයි කෝපරේෂන් සංවිධානය විසින් කලාපයේ ගැටළු සාකච්ඡා කිරීමට පවත්වන සමුළුව සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ටජිකිස්ථානය බලා පිටත්ව යයි. 

සිකුරාදා (14) ,සෙනසුරාදා (15) සමුළුව ඇරැඹෙන අතර, 15 වැනිදා ජනාධිපතිවරයා සමුළුව ඇමැතිමට ද නියමිතය.

ශ්‍රී ලංකාව මෙම සංවිධානයේ සාමාජිකයෙකු නොවන අතර සාකච්ඡා පැවැත්වීමේ සාමාජිකයෙකු ලෙස සහභාගී වීමට ජනාධිපතිවරයා ටජිකිස්ථානය බලා පිටත්ව යනු ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ 50 කට ආසන්න පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතය.



Recommended Articles