• පුවත්
  • දේශපාලන
  • රසවිත
  • තක්සලාව
  • කරලියේ කතාබහ
  • නිම්තෙර
  • Lankadeepa.lk
Go
twitterinstagramfeed
එසැණ පුවත් :
  • ලොරි බස් ගැටී තිදෙනෙක් මරුට
  • |
  • කිතුල්කොටේ අනතුරකින් අයෙකු මරුට, 05කට තුවාල
  • |
  • නව දෙළුම් විශේෂ දෙකක් හම්බන්තොටින් හඳුන්වා දේ
  • |
  • ලෝක විවාහක රූ රැජින කටුනායකට
  • |
  • මහා අනතුරක් පස් බැම්ම නිසා වැළකෙයි
  • |
  • ලොව උසම පාලම චීනයේදී විවෘත කරයි, පැය දෙකක ගමන් කාලය විනාඩි දෙකකට අඩුවෙයි
  • |
  • කඳුකර කොටියෙක් බේරා ගැනෙයි
  • |
  • දුටුගැමුණු කුමරු දිය නෑ රණමුනේ පිහිල්ල
  • |
  • මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
  • |
  • බලන්ගොඩ ඇල්ලෙපොලදී බස් රථ 3ක් එකට ගැටේ
  • |

lankadeepa

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

  1. Latest News

ජනපති එංගලන්තයේ ඩයස්පෝරාව හමුවෙයි

By .. // 2022 සැප් 20 වන අඟහරුවාදා Facebook Twitter Google+
බැලුවෝ - {{hitsCtrl.values.hits}}

සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතු බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ ඊයේ (19) පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එසේම ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කළේය.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබූ මෙම හමුවට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ වෘත්තිකයින් රැසක් එක්ව සිටියහ.

බ්‍රිතාන්‍ය නව රජුගේ නායකත්වයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් ලෙස අනාගත අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

"අපි ඉදිරියට කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ 20 වැනිදා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය සමඟ සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලය ශක්තිමත් වී ඉදිරියට යාම අපට අවශ්‍යයි. එක්සත් රාජධානිය අපගේ දිගුකාලීන මිතුරෙක්. අපි එක්සත් රාජධානියේ පාලනය යටතේ සිටි අතර එක්සත් රාජධානිය සමඟ සබඳතා පවත්වන ස්වාධීන රටක්.

අපේ සබඳතාව දීර්ඝ කාලීන එකක්.

එක්සත් රාජධානියේ පාලනය ලේබර් පක්ෂය, කන්සවේටිව් පක්ෂය, එහෙම නැත්නම් සභාගයක් හරහා සිදු වූවද අපිට අපේ සබඳතා පවත්වන්න අවශ්‍යයි. රටක් ලෙස අපි ආර්ථිකමය ලෙස කඩා වැටී ඇති බව නොරහ‍සක්. මේ ප්‍රශ්න අපිම විසඳා ගත යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අපි දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අත්සන් කර තිබෙනවා. අපි ඉන්දියාව චීනය හා ජපානය සමඟත් පුද්ගලික ණය හිමියන් සමඟත් කතා කළ යුතුයි. අපේ ණය ප්‍රශ්න දිහා බලන අතරේ අපි ගත්ත ණය ගෙවන්නත් තිබෙනවා. අද සිට ණය ගෙවන්න වසර 25ක් පමණ අවශ්‍යයි. ඒ කියන්නේ 2048 වන විට නිදහසට වසර 100ක් වන විට සමෘද්ධිමත් සමාජයක් වෙත අපට යා හැකියි.

අපි බොහෝ දෙනෙක් ඒ වනවිට ජීවත්ව නොසිටීවි. නමුත් අපි එයට දායක වූ පුරවැසියන් වෙන්න පුළුවන්. මෙහිදී දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ අවධානය යොමු කළ යුතු අතර, තරුණ පරම්පරාවේ බොහෝ දෙනෙකුගේ අදහස්වලට අප ඉඩ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. නමුත් ප්‍රධාන වශයෙන්, ඔබට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නම් ඔබට පාලනයක්, විනයක් සහ නීතියේ ආධිපත්‍යය තිබිය යුතුයි. එහිදී නිවාස පුළුස්සා දැමිය හෝ කාර්යාල අත්පත් කර ගැනීම කළ යුතුද යන්න කාටවත් තීරණය කළ නොහැකයි. එය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු නීතියේ ආධිපත්‍යයට අනුව ක්‍රියා කිරීමයි.

පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවලදී මේ රටේ ඇතැම් තරුණ පිරිස් කලහකාරි ලෙස හැසිරුණා. අපි ඔවුන්ගේ අදහස් උදහස් අධීක්ෂණ කාරක සභාවලට ඇතුළත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා 19ක් තිබෙනවා. ඒවායේ තරුණ නියෝජනය පස් දෙනකුට අවස්ථාව ලබාදී තිබෙනවා. වෙන කිසිම රටක් එහෙම කරලා නැහැ. එම කරකා සභාවල ඕනෑම වාර්තාවකට තරුණයින්ගේ අදහස් අතිරේක ලියවිල්ලක් හැටියට ඉදිරිපත් කළ හැකියි. අපි සමාජය නැවත හැඩගස්වාගත යුත්තේ අනාගතය දෙස බලා, ඔවුන්ට අවශ්‍ය දේ මත මිස, අපට අවශ්‍ය දේ මත නොවේ.

ඒ නිසා අපි සියලු කණ්ඩායම් සම්බන්ධ කර ගැනීමට විවිධ ක්‍රම සොයා බැලිය යුතුයි. කරු ජයසූරිය මහතා සහ වික්ටර් අයිවන් මහතා සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම ජන සභා පැවැත්වීමේ තවත් රාජ්‍ය නොවන කාර්යයක නිරතව සිටිනවා.

උතුරේ ඉඩම් ප්‍රශ්නය, අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය විසඳා අවසන් කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් තිබෙන ගැටලු අප විසඳා ගත යුතුයි. බලය බෙදීමේ මූලික කරුණු කිහිපයක් දෙස අවධානය යොමු කරන්න තිබෙනවා. 2018 දී අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමාලෝචනය කරන විට උතුරු නැගෙනහිරින් පිටත ප්‍රධාන අමාත්‍යවරුන් හත් දෙනෙකු සහ විපක්ෂ නායකවරයා යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. උතුරු නැඟෙනහිර මන්ත්‍රීවරු සහ ප්‍රධාන ඇමැතිවරු ඊට එකඟවීම සතුටට කරුණක්. දැන් අපට ඉදිරියට යන්න පුළුවන්. මම හිතන්නේ අපට එය කළ හැකියි.

අපි සැවොම සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීම සඳහා එකතු වී බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතුයි. මෙහි සිටින ඔබ මෙහි රැඳී සිටීම නිසාම සාර්ථකත්වය ළඟා කර ගෙන තිබෙනවා. මෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් 500,000 තමන් පළමු හෝ දෙවන පරම්පරාවේ ශ්‍රී ලාංකිකයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයින් ඩයස්පෝරාව ලෙස හැඳින් වෙනවා. අපි ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය නම් ව්‍යාපෘතියක වැඩ කරමින් සිටින අතර විදේශ අමාත්‍යාංශය ඒ සඳහා කටයුතු කරමින් සිටිනවා. එය ජනාධිපති කාර්යාලය යටතේ පවතිනවා. නමුත් ටික කලකට පසු එය ජාත්‍යන්තර වෙළඳාම භාර ගන්නා බැවින් එය විදේශ අමාත්‍යාංශය යටතට පත් වෙනවා. නමුත් අපට අවශ්‍ය වන්නේ මෙම කාර්යාලය සාර්ථක වීමටයි. අපි හැමෝම ඊට සම්බන්ධ වෙන්න ඕන. උතුරේ විතරක් නෙවෙයි, දකුණෙත් ආයෝජනය කරන්න පුළුවන්.

ඔබගෙන් සමහරෙකුට දකුණේ හෝ නැඟෙනහිර ප්‍රදේශයේ සබඳතා තිබෙන්නට පුළුවන්. ඔවුන්ට උපකාර කිරීමට අවශ්‍ය විය හැකයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබට හැකි ආකාරයෙන් ශ්‍රී ලංකාවට උපකාර කරන්න.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටින දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

Facebook Twitter Google+

Recommended Articles

කරලියේ කතාබහ

කොවිඩ් මරණ තුනක් හා ආසාදිතයන් 8ක්

2023 මැයි 07 වන ඉරි, 695

කොවිඩ් පරීක්ෂණ බලහත්කාරයෙන් නතරකරලා

2023 ජන 09 වන සඳුදා 527

චීනයේ කොවිඩි රැළි තුනක් එන බවට අනතුරු ඇඟවීමක්

2022 දෙසැ 19 වන සඳුදා 926

කොවිඩ් ආසාදිතයන් ගණන යළිත් අංක දෙකක අගයකට

2022 නොවැ 12 වන සෙනසුරාදා 997

Get Lankadeepa breaking news, Print headlines, Photos, ,Cricket Scores and much more on your iPhone, iPad, and Android devices..

twitterinstagramfeed

Copyright 2016 Wijeya Newspapers Ltd

පෙළ ගැස්ම

පුවත්
රසවිත
තක්සලාව
කරලියේ කතාබහ
නිම්තෙර
ජයාරූප

Group Site

Lankadeepa
Dailymirror
Sunday Times
Daily FT
Ada
Deshaya
Tamil Mirror
Mirror Sports
කෙළිමඩල
විජය
Tara

අප හා සම්බන්දවන්න

  • Editorial :
    +94 011 538 3202, +94 011 538 3212
    [email protected]
    [email protected]
  • Technical :
    +94 011 538 3437,
    Email : [email protected]
  • Marketing :
    +94 011 538 3439,
    Email : [email protected]
  • Advertise with us