ජනපති ඉන්දියාවට යන්න කොළඹ සිට කටුනායකට හෙලිකොප්ටරයෙන් එයි


 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා 07/20 පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

ඔහු ඇතුළු දූත පිරිස පස්වරු 01.43 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.

ජනපතිවරයා ඇතුළු දූත පිරිස කොළඹ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ හෙලිකොප්ටර් යානා දෙකකින් පැමිණියේය.



Recommended Articles