ජනපති අනුර, විපක්ෂනායක සජිත්, නාමල් පාප් වහන්සේට ශෝකය පළ කරයි


අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වීම සම්බන්ධයෙන් සමස්ථ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශෝකය පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

එමෙන්ම උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීම යහපත් ලොවක පැවැත්ම අපේක්ෂා කරනුන්ට බලවත් පාඩුවක් බව සඳහන් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය Face Book ගිණුමේ සටහනක් තබමින් ශෝකය පළ කර තිබේ.

මේ අතර අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රේමයේ උරුමය ඉදිරි පරම්පරාවටත් ආශිර්වාද වන ලෙස පතමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පා.ම. නාමල් රාජපක්ෂ මහතාද සිය X ගිණුමේ සටහනක් තබමින් ශෝකය පළ කර ඇත.

 

 



Recommended Articles