ජනපති අද ඩුබායි යයි


එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අද දිනයේ සිට දෙසැම්බර් 12 වන දින දක්වා ඩුබායි එක්ස්පෝ නගරයේ දී පැවැත්වීමට නියමිතය.

මෙවර සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් තිදෙනෙකු සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සහභාගී වේ.

 



Recommended Articles