ජනපති SLFP සංවිධායකවරුන් දැනුවත් කරයි


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරුන් අතර හමුවක් ඊයේ (31දා) දහවල් ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා එහිදී සංවිධායකවරුන් දැනුවත් කළ අතර, නව රජය පිහිටුවීමට මුල් වූ කරුණු කාරණා පිළිබඳවද පැහැදිලි කළේය.

නව රජයේ ඉදිරි වැඩකටයුතු වෙනුවෙන් සිය පූර්ණ සහාය ලබාදීමට එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියලු සංවිධායකවරු  සිය කැමැත්ත පළ කළහ.

ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය සක්‍රියව ලබා දීමට කැප වන බවටද ඔවුහු සහතික වූහ.



Recommended Articles