ඡන්දෙ කල් දාගන්න විපක්ෂ මන්ත්‍රිවරයෙක් ආණ්ඩුවේ 50කට කථා කරලා


විපක්ෂය ඡන්දය තියන ලෙස ප්‍රසිද්ධියේ ඉලලා සිටියත් ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් ඡන්දය කල් දමන ලෙස ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 50කට පමණ කථා කර ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

"එක පැත්තකින් කියනවා අපිට ඡන්දේ ඕන කියලා. දකින දකින වෙලාවට පස්සෙන් ඇවිත් කියනවා අපි කෑගහුවට කමක් නෑ ඡන්දේ කල් දාලා දෙන්න කියලා. ඒකනේ ඇත්ත කථාව. ආණ්ඩුවේ පනස් දෙනෙකුට වඩා කථා කරලා තියෙනවා. මේක කල් දල දෙන්න කියලා.  මේ දූෂිත ඩබල් ඇක්ටින් දේශපාලනය නතර කරන්න ඕන."



Recommended Articles