ඡන්ද මධ්‍යස්ථානයේ අසනීප වු පුද්ගලයෙකු ජිවිතක්ෂයට


පානදුර බෙක්කේගම මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය භූමියේදී  හදිසියේ අසනීප වූ පුද්ගලයෙක් රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව පානදුර මූලික රෝහලේ  පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටි ගාලින් පීරිස් නැමැති  වයස අවුරුදු 80ක පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ ඡන්දය ප්‍රකාශ කර නැවත නිවස කරා යාම සදහා  මධ්‍යස්ථානයෙන්  පිටතට පැමිණ භූමියෙන් පිටවීමට යාමේ දී මද වේලාවක දී ඔහු හදිසියේ අසනීප වී ඇද වැටීමට යාමේදී  එහි සිටි පුද්ගලයෙකු ඔහු පුටුවක  හිදුවා අනතුරුව  රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ බව  පොලිසිය කියයි.

එම පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මද වේලාවක දී මියගොස් ඇති බව රෝහල් පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ 



Recommended Articles