ඡන්ද පෙට්ටි 5309ක් ආරක්ෂිතව ප්‍රවාහනය කර අවසන්


දිවයිනේ පොලිස් කොට්ධාශ 44න් 17කම මහමැතිවරණයට අදාළ සියලු ම ඡන්ද පෙට්ටි  අද (04දා) පස්වරු 2.30 වන විට ආරක්ෂිතව ප්‍රවාහනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

අද (04)පොලිස් මුලස්ථානයේ දී මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවැසීය.

ඡන්ද පෙට්ටි 5309ක් ආරක්ෂිතව මේ වන විටත් ඡන්ද මධ්‍යස්ථාන වෙත නිකුත් කර ඇති බවත් ජංගම මුරසංචාර අද උදෑසන සිට ආරම්භ වු බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.



Recommended Articles