චෝදනාවලින් නිදහස් වූ නිමල් සිරිපාලට තිබුණ ඇමතිකමම


වරාය හා නාවික අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා යළිත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ එම අමාත්‍යධුරයේම දිවුරුම් දී තිබේ.

ජපාන තයිසේ සමාගමෙන් රුපියල් මිලියන 100ක අල්ලසක් ඉල්ලූ බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන තෙක් අමාත්‍යවරයා මීට සති කිහිපයකට පෙර සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ අනුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ අතර එම කමිටුව නිමල් සිරිපාල ද සිල්වා නිර්දෝෂී බවට නිගමනය කළේය.

 



Recommended Articles