චෙන්නායි නුවර ලාංකිකයන් ගෙන්වා ගැනීමට ගුවන් යානයක් යයි


කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ චෙන්නායි නුවර රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙකු , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ  විශේෂ ගුවන් යානයක් අද (12දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් චෙන්නායි බලා පිටත්ව ගියේය.

 ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1121 දරන එම විශේෂ ගුවන් යානය  උදෑසන 7.25 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගියේය. වෙනත් ගුවන් මගීන් නොමැතිව , ගුවන් යානා කාර්යය මණ්ඩලය පමණක් ගුවන් ගුවන් යානයෙන් චෙන්නායි බලා ගමන් කළේය. 

මෙම ගුවන් යානය , මෙම ගුවන් මගීන් පිරිස ද රැගෙන යළි ආපසු අද දහවල් 11.25 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .
 
 
 
 
 


Recommended Articles