ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පිනියක, රූ රැජින තරග පුහුණුකාරිනියක සහ රංගන ශිල්පිනියක වූ චූලපද්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය වයස අවුරුදු 46ක්ව සිටියදී අද හදිසියේම ජිවිතක්ෂයට පත්වූවාය. සිය නිවසේ රැඳී සිටියදී හදිසියේ ඇති වූ රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය මෙලෙස ජීවිතයෙන් සමුගෙන තිබේ.
ලාංකේය නිරූපණ ක්ෂේත්රය ජාත්‍යන්තරයට රැගෙන යාමට කටයුතු කළ ඇය, 2006 වසරේ "Model of the World" තරගාවලියේදී "Best Press International" සම්මානය දිනාගත්තාය. ඇය මෙරට නවක නිරූපණ ශිල්පීන් පුහුණු කිරීමේ ප්රමුඛයෙකු වූ අතර "Universal Woman Sri Lanka 2026" තරගාවලියේ ජාතික අධ්‍යක්ෂවරිය (National Director) ලෙසද කටයුතු කළාය.
නිරූපණයට අමතරව ඇය "වහින්න මුතු වැස්සක්" වැනි ටෙලි නාට්‍ය ඔස්සේ රංගන ශිල්පිනියක ලෙසද ප්‍රේක්ෂක ආදරය දිනාගත්තාය.

