චීවරධාරියා කුඩු සමග කොටුවෙයි


බුලත්සිංහල  ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ චීවරධාරයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 40ක් සමග බුලත්සිංහල, පරාගොඩ මාර්ගයේ අසලදී ඊයේ (15දා) සවස අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලීසිය පවසයි.

සැකකාර චීවරධාරියා 36 හැවිරිදිය.    

සැකකාර චීවරධාරියා මත්කුඩු රැගෙන යන බවට පොලීසියට ලද තොරතුරක් මත කළ පරීක්ෂා කිරීමකදී  මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබේ

සැකකාර චීවරධාරියා අද(16දා) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බුලත්සිංහල - සුමති කුඩලිගම 

 



Recommended Articles