චීවරධාරි රැඳවියා රෝහලෙන් පැනයයි


අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අද(19දා) අළුයම පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

ව්‍යාජ හැඳුනුම්පත් ළඟ තබාගැනීම සහ භාවිත කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම සහ අනුරාධපුරය අධිකරණවලින් රක්ෂිත බන්ධනාගාරගත කළ කතරගම ප්‍රදේශයේ චීවරධාරියකු මෙලෙස පැනගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

මෙම රැඳවියා ඉකුත් 09 වැනිදා සිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ ඇති බන්ධනාගාර රෝහලේ රඳවා සිට ඇති අතර ඉකුත් 17 වැනිදා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත. මෙම රැඳවියා තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(19දා) අළුයම 4.30ට පමණ බන්ධනාගාර නිලධාරින්ට නොදන්වා රෝහලෙන් පිටව ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

අනීෂා මානගේ

 



Recommended Articles