චීනයේ හා ඕමානයේ සිට ලාංකිකයන් 306ක් කටුනායකට


ඕමානයේ සහ චීනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 306 දෙනෙකු රැගෙන අද (14 දා) සවස  ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

සවස 6.30 ට චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් යානයකින් ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු කටුනායකට පැමිණියේය.

සවස 6.55 ට ඕමානයේ මස්කට් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් ශ්‍රී ලාංකිකයන් 296 ක් කටුනායකට පැමිණියේය.

ගුවන් තොටුපළ වෙත පැමිණි සියලු දෙනා පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කෙරිණි.



Recommended Articles