චීනයේ සිසුන් 50ක් දිවයිනට


චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද සවස කටුනායක ගුවන් තොටුපළට චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණියේය.
මෙයින් පළමු ගුවන් යානය සවස 5.54 ට චීනයේ කුංමිං සිට පැමිණි එම්.යූ.- 713 දරන ගුවන් යානයයි.            අනෙක් ගුවන් යානය සවස 6.34 ට චීනයේ ෂැංහයි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි එම්.යූ.- 231 දරණ ගුවන් යානයයි.
මෙම ගුවන් යානා දෙකම චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ගුවන් යානා වේ. මෙසේ පැමිණි සිසුන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වූ බවත් , ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් කරා ගිය බවත් වෛද්‍ය චන්දික මහතා වැඩිදුරටත් පැවසීය.
 


Recommended Articles